සොබා දහම ඩිජිටල් ඇසින්

ගවේෂණයට, දැනුම වර්ධනයට, පරිසර හිතකාමී තිරසාර දිවියක් අත් විඳීමට සොබාදහමට ලං වෙන්න

දවසක වඩාත්ම සුන්දර හෝරාව

හිරු නැඟිම හා බැස යාම සොබාදහම් මෑණියන්ගේ ප්‍රතිභාව අද්විතීය අන්දමින් පෙන්වන ඉතාම ආශ්චර්යමත්, මායාමය අවස්ථාවන්ගෙන් එකක්. අහස ආලෝකමත් කරමින් හිරු රශ්මිය සතර අත විහිදෙන ආකාරය හරියට දක්ෂ කලාකරුවෙකු අතින් නිම වෙන සිතුවමක් වැනියි.. මේ සුන්දර අත්දැකීම දිනපතා නැරඹුවද කිසි දිනෙක එහි අසිරිය අඩු නොවෙන බව සැවොම දන්නා කරුණක්.


හක්ගල උද්භිද උද්‍යානය, නුවරඑළිය

මීදුම් කඳු වලින් වටවූ දර්ශනීය ස්ථානයක පිහිටා තිබෙන හක්ගල උද්භිද උද්‍යානය කියන්නේ ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියටම විශාල, නුවරඑළිය නගරයට සැතපුම් කීපයක් ඈතින් හක්ගල ප්‍රදේශයේ පිහිටා තිබෙන සුන්දර උද්‍යානයක්.


සැබෑ සුන්දරත්වය

සොබා දහමේ සුන්දරත්වය පුදුමය, නමුත් සමහර විට ඒ අලංකාරය දැක ගත හැකි වන්නේ හොඳින් දෑස් හැර බැලුවොත් පමණි.  ඔබේ කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට නතර වී හොඳින් බැලුවහොත්, ඔබ නිතර දකින සාමාන්‍ය පරිසරයේ තිබෙන සමහර දේ පිළිබඳව ඔබ පුදුම වනු ඇත,