ඡායාරූප සොබා දහම

දවසක වඩාත්ම සුන්දර හෝරාව

හිරු නැඟිම හා බැස යාම සොබාදහම් මෑණියන්ගේ ප්‍රතිභාව අද්විතීය අන්දමින් පෙන්වන ඉතාම ආශ්චර්යමත්, සුන්දර, මායාමය අවස්ථාවන්ගෙන් එකක්…..

අහස ආලෝකමත් කරමින් හිරු රශ්මිය සතර අත විහිදෙන ආකාරය හරියට දක්ෂ කලාකරුවෙකු අතින් නිම වෙන සිතුවමක් වැනියි.. මේ සුන්දර අත්දැකීම දිනපතා නැරඹුවද කිසි දිනෙක එහි අසිරිය අඩු නොවෙන බව සැවොම දන්නා කරුණක්.

ඒ පිළිබඳ ලියැවුණු බොහෝ කවි, ගද්‍ය අතරින් මාගේ ප්‍රියතම පාඨ අනුවර්තනයන් ඡායාරූප ඔබ හා බෙදා ගැනීමට අවසර……

“සෑම දවසකම හිරු නැඟවිත් සහ හිරු බැස යන අතර, ඒ සොඳුරු දසුන් ඔබට හිමිවන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේ බැවින්. ඒවායින් බොහොමයක් අතපසු නොකරන්න.”
– ජො වෝල්ටන්

Nature in Digital Eye Srilanka 20171003_175733-674910392

“ක්ෂිතිජය යනු සම්පූර්ණ මායාවකි. ඊට හේතුව හිරු සාගරයට ඉහළින් හෝ පහළින් තිබිය යුතු හෙයිනි. එනම් දිවා රෑ දෙකම එකට එකක් සම්බන්ධ වී තිබෙන එකකට එකකින් තොරව සිටිය නොහැකි එහෙත් එකම අවස්ථාවේ එකට සිටිය නොහැකි දෙදෙනෙකි. ඔවුන්ට සැමවිටම එකට සිටියත් සදහටම වෙන්වී සිටින්නට සිදු වී ඇත…..”
– නිකොලස් ස්පාර්ක්ස්, නෝට්බුක් 

Nature in Digital Eye Srilanka 20171003_180102-1682459917

 

Your Comments

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.