සොබා දහම ඩිජිටල් ඇසින්

ගවේෂණයට, දැනුම වර්ධනයට, පරිසර හිතකාමී තිරසාර දිවියක් අත් විඳීමට සොබාදහමට ලං වෙන්න

හක්ගල උද්භිද උද්‍යානය, නුවරඑළිය

 

මීදුම් කඳු වලින් වටවූ දර්ශනීය ස්ථානයක පිහිටා තිබෙන හක්ගල උද්භිද උද්‍යානය කියන්නේ ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියටම විශාල, නුවරඑළිය නගරයට සැතපුම් කීපයක් ඈතින් හක්ගල ප්‍රදේශයේ පිහිටා තිබෙන සුන්දර උද්‍යානයක්.  

මල් වලට ආස කරන අයට නම් කියාපු තෝතැන්නක්!

 

1861 දී පිහිටුවන ලද මේ හක්ගල උද්‍යානය මුහුදු මට්ටම සිට අඩි 5,400 ක් පමණ ඉහළින් පිහිටා ඇති අතර, 16 ° C සිට 30 ° C ක් අතර සිසිල් දේශගුණයක් පවතිනවා.

හග්ගල උද්‍යානය, ශාක විශේෂ 10,000 කට අධික හක්ගල දැඩි ස්වභාව රක්ෂිතයේ කොටසක් වන අතර  විශේෂයෙන් ම අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුළ අධික සංචාරකයින් පිරිසක් පැමිණෙන ප්‍රධාන සංචාරක ආකර්ශණයක්. නුවරඑළිය නගරයේ වසරක් පාසා පැවැත්වෙන වසන්ත සැණකෙලි වැඩසටහන නිසා අප්‍රේල් මාසය තුළ මෙම ප්‍රදේශය අධික ලෙස ජනාකීර්ණ වෙනවා. 

පිහිටීම

නුවරඑළියේ සිට, නුවරඑළිය-බදුල්ල ප්‍රධාන පාරේ, කිලෝ මීටර 16 ක් පමණ දුරින් උද්‍යානය පිහිටා තිබෙනවා. උද්‍යානය සහිත භූමි ප්‍රදේශය මුහුදු මට්ටෙම් සිට අඩි 5,400 ක් පමණ ඉහලින් පිහිටා තිබීම නිසා සිසිල් දේශගුණයක් සහිතයි. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16° – 30° පමණ අතර අගයකින් විචලනය වෙනවා. දෙසැම්බර් සිට පෙබරවාරි අතර කාල සීමාව අධික සීතල දේශගුණයක් සහිත වන අතර, අප්‍රේල් හා අගෝස්තු අතර කාලය සාපේක්ෂව උණුසුම් වෙයි. 

 

ඉතිහාසය හා ජනප්‍රවාද

1861 වසරේ දී මෙම භූමිය තුල සින්කෝනා වගා කිරීම අත්හදා බැලූ අතර, ඊට වඩා තේ වගා කිරීම සුදුසු වූ නිසා, මේ භූමිය තුල තේ වගාකිරීම අත්හදා බලන ලද බව සඳහන්. නමුත් 1884 වර්ෂයේදී මෙම භූමිය සංවර්ධනය කර උද්භිද උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන තිබෙනවා. 

රාමායන පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියාවේ රාම කුමාරයාගේ දේවිය වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි කියන්නේ මේ ප්‍රදේශයේම පවතින සීතාඑලිය ප්‍රදේශය අවටයි. එම පුරාවෘත්තය සිහිකරමින් ඉදිකෙරුණු සීතා අම්මාන් කෝවිලද උද්‍යානය ආසන්නයෙන්ම පිහිටා තිබෙනවා. වාල්මීකිගේ රාමායනය යන සාහිත්‍ය නිර්මාණයේ අශෝක වතිකාව නමින් අතීතයේ හඳුන්වා ඇත්තේ මෙම ප්‍රදේශය බව සඳහන්.

 

ඡායාරූප එකතුව

*ඡායාරූප අයිතිය මෙම වෙබ් අඩවිය සතුයි

*තොරතුරු මූලාශ්‍ර: සිංහල විකිපීඩියාව

ඔබේ අදහස්

%d bloggers like this: