සොබා දහම ඩිජිටල් ඇසින්

ගවේෂණයට, දැනුම වර්ධනයට, පරිසර හිතකාමී තිරසාර දිවියක් අත් විඳීමට සොබාදහමට ලං වෙන්න

Home

සිංහලෙන් උඩවැඩියා නමින් හදුන්වන ඕකිඩ්, ඔකිඩේසියේ කුලයට අයත් වේ. ඕකිඩ් පවුලේ සාමාජිකයින් ගණන 880 ක් යටතේ විශේෂ 29,000 කට අධිකය. දැනට හඳුනාගෙන ඇති සපුෂ්ප ශාක වල දෙවන විශාලතම පවුල මෙය වේ.

මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ,  රටේ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි.

බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් “දුන්” යනු මීදුම හෙවත් දුම යන්නයි) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.

සත්ත්ව ලෝකයේ විවිධ අනුවර්තනයන් මෙන්ම විශ්මිත චර්යාවන් දක්නට ලැබෙනවා. බොහෝවිට මේ අනුවර්තනයන් හෝ චර්යාවන් දක්වන්නේ විලෝපිකයන්ගෙන් බේරී තම වර්ගයා ආරක්ෂා කර ගැනීම සදහායි.

ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත.

ශ්‍රී දළදා මාළිගාව ලොව ප්‍රථම හරිත පුදබිම ලෙස නම් කර ඇති අතර මින් ඉදිරියට දළදා මාළිගා පරිශ්‍රය පොලිතින් සහ ප්ලාස්ටික් රහිත කලාපයක් වේ.

අපේ කථාව

අපි ගැන

“වචන වලට පැවසිය නොහැකි බොහෝ දෑ ඡායාරූපයකට පැවසිය හැක. ජීවිතයේ ලස්සන, සොබාදහමේ අභිරහස් සහ අලංකාරය හොඳින්ම පැවසිය හැක්කේ ඡායාරූපයකටයි … එයට මොහොතක්, මතකයක් හෝ දර්ශනයක් සදහට ම සුරැකීමේ ව්ජ්ජා බලයක් ඇත.”

“සොබා දහම ඩිජිටල් ඇසින්” යනු සොබාදම් මෑණියන්ට ආදරය කරන තවත් එක් ඡායාරූප සඟරාවක් වන අතර එමඟින් සොඳුරු දසුන් හා මතකයන් ඔබ හා බෙදා ගන්නා අතරතුර පරිසර හිතකාමී තිරසාර ජීවන රටාවක් පිළිබඳව දැනුවත් කිරීම අරමුණයි.

එක් කුඩා පියවරක් මගින් විශාල බලපෑමක් ඇති කළ හැකිය!

“සොබා දහම ඩිජිටල් ඇසින්” ඡායාරූප සඟරාව වෙත පිවිසි ඔබත් සොබාදම් මෑණියන් ආරක්ෂා කිරීම ඔබට කළ හැකි දේ කරන්න!

ප්‍රියතම ඡායාරූප
ඩිජිටල් ඇසින් අප දුටු සොබා දහමේ සොඳුරු දසුන්